• 02

    සාදරයෙන් පිළිගනිමු

    අනන්ත වූ විශ්වයේ මිලියන ගණනක් මන්දාකිණි අතර පෘථිවිය නම් ග්‍රහ ලොව අපට වැදගත් වනුයේ
    එය අප ජීවත්වන ග්‍රහ ලොව නිසා පමණක් ම නොවේ.
  • අප හා එක්ව

    පරිසරය සුරකිමු

    මනාපයට පැළයක්

මනාපයට පැළයක්

1988 වර්ෂයේ වාණිජ විෂය ධාරාවෙන් මව්බිමේ මුල් තැනට පැමිණි සිසුවෙකු, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවිය බිහිකළ දීප්තිමත් පරිගණක ඉංජිනේරුවරයකු, සහය කථිකාචාර්යවරයකු මෙන්ම අසාධාරණය හමුවේ සටන් වැදුණු නීතිඥයෙකු හා ජාතිකවාදී දේශපාලඥයෙකු වන වත්මන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යනු පරිසර හිතකාමියෙකි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙන්ම බස්නාහිර පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරයා ලෙසින් ද ඔහු පරිසරය වෙනුවෙන් කළ කී දෑ බොහෝය. පිළිසරු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය, රාජ්‍ය නායකයාගේ සහභාගිත්වයෙන් මිහිකත හෝරාව සැමරීම මෙරටට හඳුන්වාදීම ඉන් කිහිපයක් පමණි.

එසේම සිය සියලු මැතිවරණ ව්‍යාපාර පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා වලින් තොරව සිදු කළේ පරිසරයට ඔහු තුළ ඇති ආදරය කතාවෙන් නොව ක්‍රියාවෙන් ම ඔප්පු කරමිනි.

විස්තර සඳහා

ගහට වැලට සතා සිවුපාවාට තමන්ට විපත් පැමිණි කල්හි ලොවට හඬ ගා එය කීමට නොහැකි වුවද උදය ඔවුන්ගේ හඬ වීමට කිසිවිටකත් පසුබට නොවිය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී උදය ගම්මන්පිල මහතා නැවුම් හරිත මැතිවරණ පොරොන්දුවක් ජනතාව හමුවේ තැබුවේ දේශපාලකයන්ට පමණක් නොව ජනතාවටද පරිසරය පිළිබඳ අලුතින් සිතන්නට පූර්වාරම්භයක් ලබාදෙමිනි. ඒ අනුව තමන් එම මැතිවරණයේ දී ලබාගන්නා සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් සිටුවන බවට ඒ මහතා පොරොන්දු විය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා එම පොරොන්දු ඉටුකරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ලබාගත් මනාප 136,331 වෙනුවෙන් පැළ 136,331 ක් ජාතියට දායාද කිරීමේ ව්‍යාපෘතිය මනාපයට පැළයක් නම් වේ. මෙය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයට එක් වූ නැවුම් පරිසර හිතකාමි මැතිවරණ සංකල්පයකි.

හරිත හෙටක් ජනතා ව්‍යාපාරය හරහා මනාපයට පැළයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මනාපයට පැළයක්
පැළයට
මිලියනයක්

මනාපයට පැළයක් පැළ සිටුවීමේ ව්‍යාපාරය සමග ස්වේච්ඡාවෙන් එක් වන දහස් සංඛ්‍යාත පිරිසකගෙන් ලොතැරයි ක්‍රමයට එක් අයෙකු තෝරා ඔහු සිටවූ පැළයක් වෙනුවෙන් රුපියල් මිලියනක් ලබාදීම මෙහිදී සිදු කෙරේ. එපමණක් නොව වැඩිම පැළ සංඛ්‍යාවක් සිටුවන පුද්ගලයාට සහ දුර්ලභම පැළ වර්ග තෝරා සිටුවන පුද්ගලයාට ද රුපියල් ලක්ෂ පහ බැගින් තාග්‍ය ප්‍රදානය කෙරේ.

සුවිශේෂී සේවාවන්


පැල සිටුවීමට හොඳම කාලය දැන්

මිනිසෙකු තමා වෙනුවෙන් ගසක් සිටුවන්නේ නැත. ඔහු එය මතු පරපුර සඳහා සිටුවයි.

අපව සම්බන්ධ කරගන්න